පහ වසර සිසුන් සඳහා සහතික පත්‍ර

 
අගෝස්තු මස 27 වෙනි සිකුරාදා
 
මෙම වසරේ සිට ශිෂ්‍යත්ව විභාගයේ කඩයිම් ලකුණු ගන්නා සියළුම සිසුන් හට සහතික පත්‍ර අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කරයි. ප්‍රතිපල සමඟ මෙම සහතිකය නිකුත් කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය ගරු බන්දුල ගුණවර්ධන මහතා විසින් විභාග දෙපාර්තමේන්තුවට  උපදෙස් දී ඇත.
 
මූලාශ්‍රය: www.news.lk

 

 

රජය විසින් වාහන ආනයනය බදු රුපියල් මිලියන 1,700 ජුලි මස තුල උපයයි

 
අගෝස්තු මස 26 වෙනි බ්‍රහස්පතින්දා
 
වාහාන ආනයනය කිරීමේ බදු අඩු කිරීමත් සමඟ ම ශ්‍රී ලංකාවේ ආදායම් බදු තියුණු ලෙස වැඩි වී ඇත. මුදල් සහ ක්‍රමසම්පාදන අමත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් එස්.ආර්. ආටිගල මහතා පවසන පරිදි ජුනි මස ආනයන බදු කපා හැරිමෙන් පසු ජුලි මස දී පමණක් රුපියල් මිලයන 1,700 අපනයන බදු ලෙස උපයා ඇති බවයි. මෙය මැයි මස දී බදු ආදායම හා සැසදීමේ දි සීයට දෙසීය හතලිහක වැඩි ප්‍රතිශතයකින් වර්ධනය වී ඇත.
 
මූලාශ්‍රය: www.news.lk
 

 

 

ශ්‍රී ලංකාව ගෘහ සේවකයන් ජෝර්දානයට යැවීමේ තහනම ඉවත් කෙරේ

 
අගෝස්තු මස 26 වෙනි බ්‍රහස්පතින්දා
 
ජොර්දානය වෙත අභ්‍යාන්තරික උදව්කරුවන් යැවිමට ලංකා රජය විසින් පනවා තිබු තහනම ඉවත් කිරීමට ලංකා රජය හා ජෝර්දානය බැදවීයන්  අතර පැවති සකච්චා වෙන් පසුව එකඟතාවකට.
 
මූලාශ්‍රය: www.news.lk